එකම කොළේ මම තනි ඉරකින් දෙකට බෙදනවා.එක පැත්තක ලියනවා අපි පුංචිම පුංචි කාලේ ඉදන් දන්න කවිය,
හැමදාම දන්න දේට පරාක්‍රම කොඩිතුවක්කු තියන්නේ වෙඩි.ඔහු අපේ සීමා ඉරි පුළුල් කරනවා.
පිනා දුක් විඳලා , දුක් විඳලා හදපු වළං ටික ගොනා බිඳිනවා. මේ බිඳින්නේ පිනාගෙ දරුවන්ගේ හීන. ගොනා කරපු දෙයින් බඩගිනි වෙන්නේ අර ගෙදර ඉන්න පිනාගෙ දරුවන්ට.අපි හිනා වෙන්නේ ඒ ජිවිත දුකට.
අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
හීන පාලු උනා
කටු ටික කද දමා
පිනා ගෙදර ගියා
හිස් අත් වන වනා
හිස් අත් වන වනා
පිනාගෙ පොඩි ළමා
මිදුලට දුව එනා
බිඳුන හීන බලා
කද ළඟ ගොලු උනා.
-පරාක්‍රම කොඩිතුවක්කු-
මේ කවිය පුරාවට මට තියෙන්නේ සමාජ කියවිමක්.
ඒ හීන බිදින ගොන්නු ගැන.යහපත් මිනිසුන්ගේ ජිවිත අපේක්ෂාවන් සුනුවිසුනු කරන අසංවේදි මිනිසුන් ගැන.
වැලිපැන්නේ හෙල්මට් සිද්ධිය මතකද? ගොක්කොළ නැව්වට ඉරටු නවන්න බෑ . අන්න ඒ නිසා මේ මොහොතේ කළ යුතුම දේ තමයි දරුවන් සහකම්පිත ගුණයට යොමු කරන එක.අනුන්ගේ දුකේදි ඇහට කදුලක් නැගෙන දරු පරපුරක් ඕන වේලාවක් මේක.සහකම්පිත ගුණයෙන් පිරැණු දරු පරපුරක් හදන්න පුළුවන් කියවීමට වගේම සෞන්දර්යට විතරයි.
අද ලෝක ළමා දිනය.
ආදරණිය පුතේ,
මේ පොළොවේ සාරය ගෙන
හැදියන් මහා ගසක් ලෙසට
සෙවණ ඇවැසි මිනිසුන් හට
සෙවණක් වෙනු නුඹ මතු දින
-වින්සර සමරසිංහ-