ලංකාවට නිධානයක්

ඔන්න එකමත් එක රටක චොකලට් වැස්සක් වැස්සා. ඊට පස්සේ චොකලට් ගංගාවක් හැදුණා. ඒ ගංගාව අරුම පුදුම සීනි කන්දක්……

මේක ඉස්සර කියපු TV ඇඩ් එකක්. කොහොමත් ඔය හුඟක් කතා පටන් ගන්නේ ඔන්න එකමත් කියලා.

ඔන්න එකමත් එක කාලෙක ගොවියෙක් හිටියා. මේ ගොවියා හරීම මහළුයි. ඔහු වයසට ගියාට පස්සේ තමන්ගේ පුතුන් හතර දෙනා කැදවලා කිව්වා,

“දරුවනේ මම දැන් වයසයි. උඹලට ජීවත් වෙන්න මම කුඹුරේ නිධානයක් වළ දමලා තියෙන්නේ. කුඹුර හොඳට කොටලා නිධානෙ ගන්න.”

අර කම්මැලි දරුවෝ නිධානෙ ගන්න කුඹුර කෙටුවා.

ඊට පස්සේ අර මැරෙන්න යන ගොවියා කිව්වා,

“මෙන්න මේ වී වපුරන්න කුඹුරේ. ඊට පස්සේ නිධානේ හම්බවෙයි” කියලා.

ගොයම ටිකෙන් ටික ලොකු වෙනවා.ඒ අතර තුර අර මහළු ගොවියා මිය යනවා.

දරුවෝ හතර දෙනා අවසානයේ තේරුම් යනවා නිධානය තියෙන්නේ මහන්සිවෙලා කරන වගාව කියලා.

ලංකාවේ මුළු ජනගහනයෙන් 27% ක්ම කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්නේ. ඒ කියන්නේ සමස්ත ජනග්‍රහණයෙන් 1/4 ක් පොළොවත් එක්ක ඉන්නේ. හැබයි දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තයේ දායකත්වය 7.5%ක්. ප්‍රශ්නේ තියෙන්නෙත් මෙන්න මෙතන.

මේ වෙලාවේ ලංකාවට ඕන නෝමන් බෝලාග් ගේ පන්නයේ හරිත විප්ලවයක්. ඉන්දියාවේ සාගතයට එරෙහිව දරදිය ඇදපු ස්වාමිනාදන්ගේ පන්නයේ විප්ලවයක්.

( කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ නෝමන් බොලාග්ට 1970 දී නොබෙල් සාම ත්‍යාගය හම්බ වෙනවා.)

කට ඇරන් බලන් හිටපු අපි හැමෝම තේරුම් ගන්න ඕන දේ තමයි ලංකාවේ නිධාන තියෙන්නෙ වේයන්ගොඩ නෙමෙයි කියන එක.

අවශ්‍ය වෙන්නේ කෘෂිකර්මාන්තයට රටම එකතු වෙන එක.

යථාර්ථය තියෙන්නේ වේයන්ගොඩදි ගොඩදාපු කළු ගලටත් ටිකක් යටින්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top